බරපතළ සෞඛ්‍ය අවදානමක් ගැන වෛද්‍යවරුන්ගෙන් අනතුරු ඇඟවීම්

වර්තමාන ලෝකයේ දරුවන් පෙර පරම්පරාවලට වඩා ශාරීරිකව අක්‍රිය වෙමින් පවතින බවත්, එය ඔවුන්ගේ අනාගත සෞඛ්‍යයට දැඩි බලපෑමක් එල්ල කළ හැකි බවත් විද්‍යාඥයෝ අනතුරු අඟවති.
මේ වන විට ලොව පුරා සෑම දරුවන් සහ යොවුන් වියේ පසුවන්නන් 10 දෙනෙකුගෙන් එක් අයෙකු අධික තරබාරුකමෙන් (Obesity) පෙළෙන අතර, එක තැනකට වී සිටින කාලය වැඩිවීම, මානසික ආතතිය, ආහාරවල ගුණාත්මකභාවය අඩුවීම සහ ක්‍රීඩාවලට යොමුවීම අඩුවීම මීට ප්‍රධාන හේතු වී තිබේ.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශයන්ට අනුව දරුවෙකු දිනකට අවම වශයෙන් විනාඩි 60ක ශාරීරික ක්‍රියාකාරකම්වල නිරත විය යුතුය.
ළමා වියේ පවතින අක්‍රියතාව වැඩිහිටි වියේදී ද අක්‍රිය පුද්ගලයෙකු වීමට බලපාන බවත්, ළමා වියේදී ක්‍රියාශීලී වන දරුවන් වැඩිහිටියන් වූ පසුව ද සෞඛ්‍ය සම්පන්නව ජීවත්වන බවත් පර්යේෂකයන් සොයාගෙන ඇත.
දෙවන ලෝක යුද්ධයේ ප්‍රවීණයන් 712 දෙනෙකු ඇසුරින් වසර 50ක් තිස්සේ කරන ලද දීර්ඝකාලීන අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ, පාසල් වියේදී ක්‍රීඩාවල නිරත වූවන් වයස අවුරුදු 70 වන විටත් වඩාත් සෞඛ්‍ය සම්න්නව සහ ක්‍රියාශීලීව පසු වූ බවය.


